ධර්මාශෝකයේ ආදි ශිෂ්‍ය චාමර ද සිල්වාගේ නායකත්වයෙන් යුත් පොලිස් ප්‍රවීණයන්ගේ පිල මැලේසියාවේදී ශූරතාව දිනති.

මැලේසියානු ක්‍රිකටි ආයතනයෙන් ලද ආරාධනාවක් අනුව අවුරුදු 40ට වැඩි ශ්‍රි ලංකා  රාජ්‍ය සේවා  විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරයන් වන පොලිස් පුවිණයන්ගේ ක්‍රිකට් කණ්ඩායම මැලයාසියාවේ පැවති ප්‍රවීණයන්ගේ තරගාවලියකට සහභාගි විය. එහිදී මැලේසියානු ක්‍රිකට්‌ සංගමයේ ඒ සහ බී කණ්ඩායම් දෙකම පරාජය කරමින් පළමු වටයේ තරග ජයගැනීමට පොලිස් ප්‍රචිණයන්ගේ ක්‍රිකටි කණ්ඩායම සමත් විය.

අවසන්‌ තරගයේ දි මලයාසියානු 'ඒ' කණ්ඩායම පරාජය කරමින්‌ තරගාවලියේ ශුරතාව දිනාගත්තේත්‌ පොලිස්‌ ප්‍රවිණයන්ගේ ක්‍රිකට්‌ කණ්ඩායමයි. ශ්‍රී ලංකා පොලිස්‌ ප්‍රවීණයන්ගේ කණ්ඩායම ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක චාමර සිල්වා විසින්‌ මෙහෙයවන ලදි.


2024-01-07

   Back

Forgot Your Password?