චන්දිමාල් ඉගෙන ගත් පාසලේ ණය ගෙවයි

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් ක්‍රිකට් අත්පොත් තබා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයාවීමේ භාග්‍ය ලැබූ දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතාගේ ධන පරිතාගයෙන් ධර්මාශෝක විදුහල් බිමෙහි ඉදිවූ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය ඔක්තෝම්බර් මස පළමු වැනිදා පෙරවරු 9 යට ධර්මාශෝක විදුහල් ක්‍රිකට් ක්‍රීඩක අයිතියට පත් කෙරේ.

දම්සෝ ආදි සිසු දිනේෂ් චන්දිමාල් මහතා මේ සදහා වැය කර ඇති මුදල රුපියල් ලක්ෂ දෙසීයකි. දම්සෝ ආදි සිසු විශ්‍රාමික මේජර් ජෙනරාල් බිමල් විදානගේ මහතාගේ අදහසක් අනුව මේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය දිනේෂ් චන්දිමාල් මහතා විසින් ඉදිකිරීමට පියවර ගැනිණ.

මේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදාවේ ඉදිකිරීම් අංශයේ නිලධාරීන්ගේ පූර්ණ ශ්‍රමදායකත්වය ලබාදී තිබේ.

ධර්මාශෝක විදුහලෙන් ක්‍රිකට් අත්පොත් තබා ක්‍රිකට් ක්‍රීඩාවෙන්ම ජීවිතය ජයගෙන එමගින් උපයා සපයාගත් ධනයම වැය කොට සිය ක්‍රිකට් ක්‍රීඩාවේ මව්වු ධර්මාශෝක විදුහල් මාතාවට කළගුණ සැලකීම වස් මේ ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීමට තමා පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කීවේය.







2023-09-28

   Back

Forgot Your Password?